Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳ අස්ගිරි පාර්ශ්වයේ නොසතුට – නැති ප්‍රශ්න ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්

පාස්කු ජනාධිපති කොමිසම් වාර්තාවෙන් සැබෑ වරදකරුවන් නිදහස් කොට ඇතැයි ශ්‍යාමෝපාලි නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසනවා.

අද මහනුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර කළා.

පාස්කු ප්‍රහාරය සඳහා පත් කළ ජනාධිපති කොමිසමෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවත්, ප්‍රහාරයේ පිටුපස සිටි සැබෑ වරදකරුවන් හදුනා ගන්නවා වෙනුවට එයට අදාළ නොවන පිරිසක් වෙත් වරද පැටවීම සදහා උත්සහ දරා ඇති බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

මේ නිසා රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළ පවා ඉදිරියේ මෙම ප්‍රහාරය පිළිබඳ වැරදි චිත්‍රයක් ඇති වීමේ බරපතල අවදානමක් මතුව ඇති බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කළා.

About The Author