Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ , පුළුවන් තරම් කල් රජය පීඩනය දරා ගන්නවා – ඇමති ගම්මන්පිල

ලෝක වෙළඳපොල තුළ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහලගොස් ඇති නමුත් ඉදිරි මාස තුනක කාලය තුළ ඉන්ධන මිල ඉහල දැමීමට රජය සුදානම් නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

පසුගිය රජය සමයේ ඉන්ධන මිල සුත්‍ර හදුන්වා දෙමින් මාස් පතා ඉන්ධන මිල ඉහල යාමේ බර ජනතව පිට පැටවීමට කටයුතු කළද වත්මන් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ඉන්ධන මිල ස්ථාවර මට්ටමක තබා ගනිමින් කටයුතු කිරීම බවද පෙන්වා දුන්නා.

2019 වසරේ සැප්තැම්බර් මාසයේදී යහපාලන රජය අවසන් වරට ඉන්ධන මිල ඉහළ නංවා ඇති අතර, වත්මන් රජය යටතේ මෙතෙක් ඉන්ධන මිළ ඉහළ නංවා නොමැති බවද ගම්මන්පිල මහතා සඳහන් කළේ විපක්ෂය වෙනුවෙන් හේෂා විතාන මන්ත්‍රීවරයා නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින්.

About The Author