වී අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග වී මිලදී ගැනීම සඳහා රජය මේවන විට විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ කිලෝවක් රුපියල් 50 ක සහතික කළ මිලකට සමූපකාර හරහා වී මිලදී ගැනීමේ ගොවීන්ගෙන් වී තොග මිලදී ගැනීමට රජය කටයුතු කරන බවයි.
නමුත් මේ වන විට පුද්ගලික සහල් මෝල් හිමියන් විසින් රුපියල් 60 කට ආසන්න මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා.
මෙම තත්වය තුළ ගොවීන් තම වී තොග පුද්ගලික අංශයට විකුණා දැමීමට පියවර ගනිමින් සිටිනවා.
කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය අලුත්ගමගේ මහතා පවසන්නේ හෙක්ටයාරයකින් වී කිලෝ දහසක්, කිලෝවක් රුපියල් 50ක මිලකට රජයට ලබා නොදෙන ගොවීන්ට මින් ඉදිරියට පොහොර සහනාධාරය හෝ කෘෂි රක්ෂණය ලබා නොදෙන බවයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මෙම ගැටලුවට මැදිහත් වී ඇති අතර ඔහු පවසන්නේ පුද්ගලික සහල් මෝල් හිමියන් වැඩි මිලට ගොවීන්ගෙන් වී මිලදී ගත්තද වැඩි මිලට සහල් අලෙවි කිරීමට වසර තුනක් යනතුරු ඔවුන්ට ඉඩ නොදෙන බවයි.
කෙසේ වෙතත් සහල් වෙළෙඳුන් පවසන්නේ රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට