බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව පාලනය කළ කාලසීමාවේදී ත්‍රිකුණාමලය වරායේ ඇති භූගෝලීය සහ කලාපීය වටිනාකම මනාව අවබෝධ කරගනිමින් ඉදිකළ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අද හදුන්වන්නේ මෙරට ජාතික සම්පතක් ලෙසයි.
නිදහසින් පසු අත්හැර දමා තිබු එම තෙල් ටැංකි සංකීරණයෙන් කොටසක් ඉන්දීයන් ඔයිල් සමාගමට වසර 35ක් සඳහා බදු දී තිබෙන්නේ 2003 වසරේ බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය විසින්.
කෙසේ එමෙන්ම 207 වසරේදී ද ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීරණය පිළිබඳ නැවත වතාවක් කරලියට පැමිණි අතර එහිදීද තෙල් ටැංකි ආශ්රිත නව ආයෝජනයක් පිළිබඳ සාකච්ඡාවක් ඇති වුණා.
එම අවස්ථවේදී ජාතික සම්පත් විකුණා දමන බව පවසමින් විපක්ෂය දැඩි විරෝධතාවක නිරත වූ අතර ආණ්ඩුවට බලය අහිමි වන තුරු තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණ නැහැ.
නමුත් වාර්තා වන ආකාරයට එදා තෙල් ටැංකි සංකීර්ණය විකුණා දමන බවට විපක්ෂයේ සිට චෝදනා කළ පිරිස අද ආණ්ඩුව තුළ සිටිමින් අදාළ තෙල් ටැංකි සංකීර්ණය විකුණා දමන බවට වෘත්තීය සමිති වලින් බරපතල චෝදනාවක් එල්ලවනවා.
මේ ඒ පිළිබඳ ව සිරස news 1 st ගෙන ආ වාර්තාවක්..
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි