දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත ලැබුණු තවත් පැමිණිලි දෙකක සාක්ෂි විමසීමේ කටයුතු අද(28) ආරම්භ වෙයි.
එහි පොලිස් ඒකකය මගින් මූලික විමර්ශන අවසන් කර ජනපති කොමිසම වෙත යොමු කළ පැමිණිලි දෙකක සාක්ෂි විමසීම මෙලෙස ආරම්භ කෙරෙන බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය කරුණු මත පදනම්ව තමන්ට එරෙහිව චෝදනා ගොනු කළ බව පවසමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඊට අදාලව සාක්ෂි ලබාදිම සදහා එමිල් රංජන් ළමාහේවා මහතා අද දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
මේ අතර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජිව මහතා ජනාධිපති කොමිසම වෙත පෙනී සිටීමට නියමිතව තිබේ.
සිද්ධීන් කිහිපයකට අදාලව තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා ගොනු කිරීම සහ තමා වැඩ තහනමට ලක් කිරීම දේශපාලන පලිගැනීම් හේතුවෙන් සිදුවුවක් බව පවසමින් නියෝමාල් රංගජීව මහතා විසින් කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව සාක්ෂි ලබාදිම සදහා ඔහු කොමිසම හමුවේ අද දිනයේ පෙනී සිටින බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්