කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ ගණුදෙනුව පිටුපස දේශපාලකයෙකු නොවන රජයේ ප්‍රභලයෙකු සහ ජෝන් කීල්ස් සමාගමද සිටින බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඔහු පවසන්නේ මේ වන විට නැගෙනහිර ජැටිය සඳහා ඩොලර් මිලියන 230 රජය විසින් වැයකර ඇති සහ දොඹකර මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 65ක්ද වෙන් කර ඇති පසුබිමක ජැටිය සාදා නිම කිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදලද වරාය හරහාම උපාය ගත හැකි බවට සේවකයින් සහතික වී ඇති බවයි.
එවැනි වට පිටාවක මෙම ජැටිය ඉන්දියාවට විකිණීම අපරාධයක් බවද ඔහු සඳහන් කරනවා.
සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ මෙම ජැටිය සදා නිම කල පසු මෙවැනි විශාල නෞකා හැසිරවිය හැකි ජැටි ලෝකයේම තිබෙන්නේ 4ක් පමණක් බවයි.
එබැවින් මෙම වාණිජ වටිනා කම හේතුවෙන් එය කෙසේ හෝ අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරනවා.
ඔහු අනාවරණය කරන්නේ මෙම ගනුදෙනුව පිටුපස ඉන්දියාව පමණක් නොව ලංකාවේ ජෝන් කීල්ස් සමගම සහ ආණ්ඩුවේ දේශපාලකයෙකු නොවන ප්‍රබල පුද්ගලයෙකු සිටින බවයි.
පසුගියදා අවසන් වූ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින් ෆොන්සේකා මහතා මෙම කරුණු හෙළිකළා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්