Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හැම එකම කටේ දාගන්න එපා , ආදරේට කියන්නේ – අනුර , පවිත්‍රා ට අනතුරු ඇඟවූ හැටි (Video)

මේ වන විට කොරෝනා අසාදිතව සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට අනතුරු අඟවමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශය මේ වන විට නැවත කරලියට පැමිණ තිබෙනවා.

ගෙවුණු සතිය තුළ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ කල් තැබීමේ යෝජනාව සිදු කරමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පල කළා.

රටක සෞඛ්‍ය අමාත්‍යවරිය කටයුතු කලයුතු ආකාරය පිලිබඳ පැහැදිලි කිරීමක් සිදු කල අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ විවිධ පුද්ගලයන් ගෙන එන පානවර්ග තම විසින් අත්හදා බැලීමට වගකිව යුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කිරීම නොකළ යුත්තක් බවයි.

එය ඇයගේ ජීවිතයට පවා අනතුරක් විය හැකි බව තමා ආදරයෙන් මතක් කර දෙන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළා.

කතානායකවරයා ද පසුගියදා පාර්ලිමේන්තුවේදී පැණි පානය කිරීමකට සහභාගී වී ඇති බවත් කතානායක තුමන් එසේ නොකළ යුතුව තිබු බවත් ඔහු සඳහන් කළා.

කතානායකවරයා මෙම පැණි බෝතල් නාසයට ළං කරමින් සුවද බැලුවේ මත්පැන් බෝතල්වල සැර පරීක්ෂා කරන අයුරින් බවද ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරත් අදහස් පල කල අනුර කුමාර දිසානායක මහතා , පැණි කොප්පයක්ම පානය කල, අද වන විට කොරෝනා අසාදනය වී සිටින පියල් නිශාන්ත මහතා සම්බන්ධයෙන් කණගාටු වන නමුත් මිත්‍යාව ඒ අයුරින් හෝ ඇස්පනා පිටම බොරු බවට පත් වීම පිලිබඳ තමා සතුටු වන බවද සඳහන් කළා.

About The Author