යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර තිබෙනවා.
ඒ අනුව අද (11) අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස හමු වී යුද ස්මාරකය කඩා ඉවත් කරන ලද ස්ථානයේ නැවත ස්මාරකයක් ඉදිකර දෙන බවට පොරොන්දු වී ඇති අතර අනතුරුව මෙසේ මාරාන්තික උපවාසය අවසන් කිරීමට සිසුන් විසින් පියවර ගත්තා.
මේ අනුව ස්මාරකය කඩා දැමීමට උපදෙස් ලබා දුන් උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් ම සරසවි සිසුන් පිරිසක් , කඩාදැමුනු යුද ස්මාරකය තිබු ස්ථානයට ගොස් එම ස්ථානයේදීම නව සැමරුම් ස්මාරකය වෙනුවෙන් මුල්ගල තැබීමද විශේෂත්වයක්.
කඩා දැමුනු යුද ස්මාරකය නැවත සාදාදෙන ලෙස ඉල්ලා සිසුන් විසින් ආරම්භ කරන ලද මාරාන්තික උපවසායේ නිරත සිසුන් ඊයේ රාත්‍රීෙය් කිසියම් අසනීප තත්වයක් ඇතිවීමත් සමග යාපනය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් උපවසාය පවති ස්ථානයට පැමිණ වෛද්‍ය ප්රතිකාරද ලබා දෙනු ලැබූ අයුරු ද දැක ගත හැකි වුණා.
අනතුරුව අද (11) අලුයම් කාලයේදී යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා මහතාගේ මුලිකත්වයෙන්ම උපවාසයේ නිරත සිසුන් වෙත කැඳ කෝප්ප ලබා දීමෙන් පසුව සිසුන් විසින් උපවසාය ඇත හැරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් අද (11) දින මුල්ගල තැබුනු ස්මාරකය ඉදිරියේදී සාමයේ කුලුණ ලෙසින් හැඳින්වීමට නියමිත බව ද යාපනය විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.
© වන්නි රොමේෂ් මධුෂංඛ – Lanka c news
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්