අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට සහ ග්රාමාත්යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා ට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වුණා.
ජනවාරි 8 වන දින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ අතර ඔහු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිනවා.
මේ අතර, ඉහත තිදෙනාගේ සමීපතමයින් සොයා විශේෂ සෝදිසි කිරීම් සිදු වූ අතර මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20ක ට වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන තිබෙනවා.
අද කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වූ වාසුදේව නානායක්කාර මහතා 82 හැවිරිදි වියේ පසු වනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපතිවරණය අස්සේ ඌවට නව ආණ්ඩුකාරයෙක්
ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක්
බාල ඖෂධ සිද්ධියේ සමාගම හිමිකරු අංගොඩට – කෙහෙළිය දිගටම හිරේ – නිදහස් නොකලොත් අංගවිකල වෙයිලු