Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහජන උපයෝගිතා කොමිසම වසා දැමීම පිටුපස මහා පරිමාණ ජාතික සම්පත් මංකොල්ලයක් (Video)

මහජන උපයෝගිතා කොමිසම වසා දැමීමට බලපෑම් කිරීම පිටුපස මහා පරිමාණ ජාතික සම්පත් මංකොල්ලයක් ක්‍රියත්මක බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගල් අගුරු බලාගාරයක් සැදීම සඳහා චීනයට පුත්තලමේ පිහිටි ඉඩමක් සින්නක්කරවම චීනයට ලබා දීම සදහා ආණ්ඩුව පිඹුරුපත් සකසා ඇති බවයි.

ලංකාට ඉඩමේ අයිතියත් නෑ.බලාගාරයේ අයිතියත් නෑ

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ හතරවන අදියර ලෙස මෙම බලාගාරය ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා. නමුත් එය ඉදි කිරීම සඳහා ආණ්ඩුව කිසිදු ණය මුදලක් ලබා ගැනීමක් සිදු නොකරන බවයි රංගේ බණ්ඩාර මහතා පවසන්නේ.

ඒ වෙනුවට සින්නක්කරවම චීනයට මෙරට භූමිය ලබා දෙන අතර චීනය විසින් ඔවුන්ට අයත් මෙරට භුමියේ ඔවුන්ගේ වියදමින් අදාල බලාගාරය ඉදිකරන බවයි පැවසෙන්නේ.

ලංකාව චීනයෙන් විදුලිය මිලට ගනී ?

ඉන් අනතුරුව චීනය විසින් ඔවුන්ට අයත් බලාගාරයේ නිපදවන විදුලිය ලංකාවට විකිණීම සැලසුම වී ඇති බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා හෙළි කළා.

ලංකාවට අළු ටික

මෙම ව්‍යාපෘතිය අවසානයේ ලංකාවට ඉතිරි වන්නේ ගල් අගුරු බලාගාරයෙන් ඉවතලන අළු සහ පරණ යකඩ පමණක් බව පෙන්වාදෙන රංගේ බණ්ඩාර මහතා මෙම මහා පරිසර විනාශය සහ රාජ්‍ය දේපල මංකොල්ලය සිදු කිරීමේ අරමුණින් මහජන උපයෝගිතා කොමිසම වසා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවද පවසනවා.

ටෙන්ඩර් මගඩියක්

මෙම ගනුදෙනුව සිදු කිරීමට යාමේ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බැහැරව චීනයේ CMEC නම් සමාගම වෙත අදාල ටෙන්ඩරය ලබා දීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද පෙන්වා දෙන රංගේ බණ්ඩාර මහතා මෙම කටයුතු සියල්ල බාධාවකින් තිරව සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අනීතික ක්‍රමවේද යොදා ගනිමින් නිහඬ කිරීමට උත්සහ දරන බවද පෙන්වා දුන්නා.

පාලිත රංගේ බණ්ඩාර මහතා මේ අදහස් පළකළේ පසුගියදා පුත්තලමේ පැවති එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් ක්‍රියාකාරී රැස්වීමකට එක වෙමින්.

අදාළ වීඩියෝව පහළින්..