පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග පිළිබඳ සොයා බලන ලෙස අද (11) දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමඟ අද පෙරවරුවේ විජේරාම, අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවති සාකච්ඡාවක දී ය.
පැරණි ක්‍රමයට හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙස ද අග්‍රාමාත්‍යවරයා විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට දැනුම් දී තිබෙනවා.
මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බව මෙහි දී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පෙන්වා දී ඇති අතර ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේ දී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව ද ඔවුන් ස්ථාවරය වී තිබෙනවා.
දැනට බලාත්මක මැතිවරණ නීතිවලට යම් යම් සංශෝධන අවශ්‍ය බව සඳහන් කළ මැතිවරණ කොමිසමේ සාමාජික පිරිස ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පෙන්වා දුන් බවයි මහිද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ.
මේ වන විටත් තමා ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද එහි දී ඔහු කොමිසමේ සාමාජිකයන්ට සිහිපත් කර තිබෙනවා.
මෙම හමුව සඳහා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් ජී. පුංචිහේවා ඇතුළු කොමිසමේ සාමාජිකයින් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න ඇතුළු නිලධාරී පිරිසක් ද එක්ව සිටියා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි