දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.
ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීප මිතුරෙකු ලෙසයි සැළකෙන්නේ.
ඔහු මීට පෙර නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස පත් කෙරුණා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු ජගත් බාලපටබැඳිගේ කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස ඉන්ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, ටී.ආර්.සී. රුබෙරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්.එච්. පියදාස, හේමා ධර්මවර්ධන සහ නිර්මාල් කරුණාසිරි යන මහත්ම මහත්මීන් පත්කර තිබෙනවා.
ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංගගේ මහතාගේ බිරිඳයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව මෙම පත්වීම් සිදු කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්