හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහිව පනවා තිබූ සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබිය.
ඒ අනුව ඔවුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අද නියෝග කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී 2015 වසරේ සිල් බෙදා දීමේ වැඩසටහනකට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ මුදල් අභාවිත කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේයැයි චෝදනා කරමින් ඔවුනට විරුද්දව මෙම පෙත්සම් ගොනුකර තිබිණි.
එහිදී මහාධිකරණය විසින් ඔවුන්ට සිර දඬුවම් නියම කරන ලද අතර ඔවුන් එය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කරනු ලැබිය.
එම නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කරන ලදී.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්