වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කර ඇති බව මෙම සටහන තබන්නට මොහොතකට පෙර වාර්තා විය.
කොළඹ නගරය කොරෝනා පාලනයෙන් ගිලිහී ඇති බව හා නිසි ලෙස පරීක්ෂණ සිදු කළහොත් තවත් රෝගීන් හමු විය හැකි බව ඔහු ඊයේ කියූ බව වාර්තා වේ.
එය පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශයකට වඩා ඔහුගේ පෞද්ගලික අදහසක් බව පෙනේ.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්නට තනතුර අහිමි වූයේ ඔහු හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා සම්බන්ධයෙන් කරන ලද පරස්පර විරෝධී ප්‍රකාශවලින් පසුය.
මේ දවස්වල කියන්නට දෙයක් ඇතත්, නැතත්, මාධ්‍ය ඉදිරියට ඇවිත් මොනවා හෝ කියන තවත් මාධ්‍ය කැමරාලෝලියෙකු දක්නට ලැබේ.
ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හරිත අලුත්ගේය.
”මාධ්‍ය කැමරා යනු ඇත්තෙන්ම පුද්ගලයන් විනාශ කළ හැකි භයානක මෙවලම් විශේෂයකි. මාධ්‍ය කැමරා ඉදිරියේ ජාමෙ බේරාගෙන රජය වෙනුවෙන් කතාකිරීම දැලිපිහියෙන් කිරි කනවා වැනි දුෂ්කර වැඩකි. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ එය පරිස්සමෙන් කරන බව පෙනේ.”
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවත් කැමරාලෝලියෙකි.
ඔහු කරන්නේ රාජකාරිද මාධ්‍ය සංදර්ශනද යන්න පැහැදිලි නැත.
බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙතරම් රූපවාහිනීවල පෙනී ඉන්නේත්, අනෙකුත් පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් අපට රූපවාහිනීවලින් දකින්නට නොලැබෙන්නේත් ඇයි?
පසුගිය දිනෙක ජනාධිපතිතුමාගේ ෆේස්බුක් පිටුවේද දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඡායාරූපයක් පළ කර තිබිණි.
ජනාධිපතිතුමා හා ඔහු අතර සමීප සම්බන්ධයක් තිබෙන බව පෙනේ.
මාධ්‍ය කැමරා යනු ආශාව වඩන වස්තුවකි.
කෙසේ වෙතත්, මාධ්‍ය කැමරා යනු ආශාව වඩන වස්තුවකි.
ඒ කැමරාව ඉදිරියේ සිටගත් විට ඒ පුද්ගලයා රටටම පෙනේ.
ඉන්පසු, එම පුද්ගලයා තරුවක් බවට පත්වේ.
අපේ රටේ ජනතාව තවමත් රූපවාහිනියෙන් දකින පුද්ගලයන් වීරයන් ලෙස සලකති. රූපවාහිනියෙන් පෙනී සිටි අයට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර නිසා ඔවුහු තව තවත් කැමරා සමග බැඳෙති.
අවසානයේදී නළුවන් නොවන අයත් ඔවුන් ද නොදැන නළුවන් බවට පත් කරන වශියක් හා මෝහාන්ධකාරයක් මාධ්‍ය කැමරා තුළ ගැබ්වී තිබේ.
විප්ලවවාදීන් පවා මාධ්‍ය කැමරා ඉදිරියේ දැපනෙ වැටෙති.
”මේ වොයිස් කට් මහණුන් හදන්නට මුල් වූ මාධ්‍යයක් වන දෙරණට අයත් අරුණ පත්තරයම එකී මහණුන්ට මෙසේ නම් පටබැඳීම මේ දෙපාර්ශ්වයටම දෛවයේ සරදමකි.”
මේ ‘ඉරිදා අරුණ’ පුවත්පතේ කතුවැකියෙහි අපූරු යෙදුමක් භාවිතයට ගෙන තිබිණි. එනම් භික්ෂූන්ගේ ‘වොයිස් කට් නිකාය’ යන්නයි. මේ වොයිස් කට් මහණුන් හදන්නට මුල් වූ මාධ්‍යයක් වන ‘දෙරණ’ට අයත් අරුණ පත්තරයම එකී මහණුන්ට මෙසේ නම් පටබැඳීම මේ දෙපාර්ශ්වයටම දෛවයේ සරදමකි.
අද වන විට අප හැම කෙනෙකුම මාධ්‍ය තරු බවට පත්විය යුතු යයි සමාජයේ ඇතැමෙක් සිතති.
එම නිසා රූපවාහිනියෙන් බැරි අයට යූටියුබ්වලින්, ෆේස්බුක්වලින්, ඉන්ස්ටග්‍රෑම්වලින් හෝ ටික්ටොක්වලින් හෝ එසේ වීමට උත්සාහ කරනු දැකිය හැකිය.
මාධ්‍ය කැමරාව බලවත් මෙවලමකි.
එහෙත්, එය භාවිතා කළ යුත්තේ තමන් ප්‍රදර්ශනය කරගැනීමේ හා පෞද්ගලික උන්නතිකාමයේ මෙවලමක ලෙස නොව. මහජන සේවා වෙනුවෙන් බුද්ධිමත් ලෙස මාධ්‍ය කැමරාව භාවිතා කරන අයට පෞද්ගලික උන්නතියද ඒ ඔස්සේ දිනාගත හැකිය.
එහෙත්, අපේ බොහෝ අය වරද්දා ගන්නේ මාධ්‍ය කැමරාව මහජන සේවාවට වඩා පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් යොදාගන්නට යාමෙනි.
නූතන යුගයේ නායක විභවයන් ඇති පුද්ගලයන් පරිස්සම් විය යුතු ප්‍රධාන ගිනිගෙඩියක් වන්නේ මාධ්‍ය කැමරාවයි.
© අජිත් පැරකුම් ජයසිංහ – සමාජ හා දේශපාලන විශ්ලේෂක
අත නොහැර කියවන තැන
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා
ඉදිරි දශකය තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතු ද?
ජනාධිපති ගෝඨාභයගේ සල්ලි මල්ලට මොකද වුණේ ?