Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල

Screenshot

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (12) පෙරවරුවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.

අල්ලුරි දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක ගමන්කර ඇති මෙම බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී පහළ බෑවුමකට පෙරළී ඇති බව සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 35 දෙනෙකු, රියදුරන් දෙදෙනෙකු සහ සහායකයන් කිහිපදෙනෙකු සිට ඇත.

කැළෑබද මාර්ගයක ගමන්කර ඇති මෙම බස් රථය වංගුවක් ඔස්සේ ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ අධික මීදුම් තත්ත්වයක් තිබී ඇති අතර, ඒ හේතුවෙන් බස් රථයේ රියදුරුට අනතුර සිදු වූ ස්ථානයේ වංගුවක් නොපෙනී යන්නට ඇති බව සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය පළකර ඇති අතර, විපතට පත් වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ලබාදීමට තීරණය කර ඇත.

එමෙන්ම තුවාල ලැබූවන්ට එරට මුදලින් රුපියල් 50,000ක ලබාදීමටද ඉන්දීය රජය තීරණය කර තිබේ

About The Author