උතුරු සහ උතුරු – මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි. මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
ඌව පළාතෙත් මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවටයි වාර්තා වෙන්නේ.
එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


අත නොහැර කියවන තැන
හිටපු කතානායක අත්අඩංගුවට
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රි කාලයේ ගමන් එපා – දිස්ත්‍රික් ලේකම්