හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරු දෙදෙනක් සිය සේවාදායකයන් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිය නොහැකි බව පසුගියදා අධිකරණයට දැනුම් දුන්හ.
එම නඩු විභාගයෙන් ඉවත්ව ඇත්තේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සහ ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි යන මහත්වරුය. ඔවුහු නඩුවේ 2 වැනි සහ 12 වැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. මෙම නඩුව දිනපතා විභාගයට ගැනීමට අධිකරණය තීරණය කිරීම නිසා විත්තියේ නීතිඥවරු භාරගෙන ඇති අනෙකුත් නඩු සමඟ එම කාර්යයට සම්බන්ධ වීම අපහසු බැවින් ඉවත් වන බව ජනාධිපති නීතිනරු විවෘත අධිකරණයේ ප්‍රකාශ කළහ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට