Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බිරිඳගේ පහරදීමෙන් සැමියා ජීවිතක්ෂයට

මිහින්තලය, මහකිරින්දේගම ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අදාළ පුද්ගලයා හා ඔහුගේ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ මහකිරින්දේගම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 53 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පැවසීය.

මිහින්තලය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

About The Author