උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම සිදුවූ ස්ථානය අවදානම් සහගත ස්ථානයක් බවට හඳුනාගෙන තිබූ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හෙට (20) රාත්‍රිය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.
බදුල්ලේ සිට කොළඹ බලා ඊයේ (18) ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී මාර්ගයට පස් කන්දක් සමග ගල් පෙරළීමෙන් පීලිපැනීමට ලක්ව තිබුණි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා පමණක් සීමා කර ඇති බවය.
බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය ආරම්භ කළ මෙම දුම්රියේ එන්ජිමට විශාල ගල්සහිත පස් කන්දක් කඩාවැටී තිබුණේ ඊයේ රාත්‍රී 8.30ට පමණය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට