Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා ගොඩට එක් නොකළ සැක මරණ 6 ක්, කොළඹ, අයි.ඩී.එච්රෝහල් වලින් වාර්තා වෙයි

කොළඹ ජාතික රෝහල, මුල්ලේරියාව හා අයි.ඩී.එච්. රෝහල්වලින් ඊයේ (28 වැනිදා) වන විට මරණ හයක් වාර්තා වී ඇත.

මෙම පිරිස කොවිඩ් වෛරසය හේතුවෙන් මියගියා දැයි සෙවීමට පී.සී.ආර්. පරීක්ෂණ සදහා අදාළ සාම්පල යොමුකර තිබේ.

ජාතික රෝහලේදී මියගිය තිදෙනා රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවත් අනෙක් තිදෙනා දැඩි සත්කාර ඒකකවලට යොමුකර පසුව මියගිය අය බවත් රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි.

මියගිය අය අතර අවුරුදු විසිඑකක තරුණයකුද සිටී.

© තිස්ස රවීන්ද්‍ර පෙ​රේරා
‘අරුණ’ පුවත්පත