උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙනි.
උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ.
මේ වනවිටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් තිබුණත් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද දිනය තුළ හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, ඊයේ දින උදෑසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් ද ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලි පැනීමකට ලක්විය.





අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්