Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට

කොළඹ සිට තලවකැලේ වටගොඩ දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ වැන් රථයක් අද (17) දින මුහුණට මුහුණලා ගැටී සිදු වු අනතුරකින් බරපතල ලෙස තුවාල ලැබු ත්‍රීරෝද රථයේ රියදුරු කිතුල්ගල තැලිගම ප්‍රදේශයේ රෝහල වෙත ඇතුලත් කල පසු රියදුරු මිය ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය තහවුරු කරයි

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්. ඉන්දික ප්‍රියකුමාර නැමති 53 හැවිරිදි අයෙකි.

උදෑසන 9ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය යටිබේලිය ප්‍රදේශයේදීය.

අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක්ද තුවාල ලබා තැලිගම ප්‍රාදේශීය රොහල වෙත ඇතුලත්කල බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

අනතුරින් ත්‍රීරෝද රථයට සහ වැන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් වෑන් රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

අනතුරට හේතුව රියදුරුගේ නොසැලිකිලිමත් රිය ධාවනය බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සැකකරයි.

About The Author