නුගේගොඩ පිහිටි අලෙවිසැල නිර්මාණය කළේ, සියළුම උක් ආශ්රිත සියලු නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
එම අලෙවිසැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් ලබා දුන් බවත්, එම ප්‍රචාරය කොතෙක් දුරට ගොස් ඇත්ද කියනවා නම්, තමාට දැන් ආමන්ත්‍රණය කරන්නේ ‘දුඹුරු සීනි පියා’ ලෙසට බවයි අද (13) අයවැය විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
තමන්ට ‘සුදු සීනි පියා’ යැයි පවසනවාට වඩා, ‘දුඹුරු සීනි පියා’ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්