Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දිවයින පුරා ගොවීන් අද වර්ජනයක

දේශීය ගොවි හඬ සංවිධානය දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් අද (10) ආරම්භ කිරීමට නියමිතයි.

ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු‍ කටයුතුවලින් අද දිනයේ ඉවත්ව සිටින බවයි.

පසුගිය කාලය තුළ ලොකු ළුෑනු ගොවීන් මෙන්ම අල වගා කරන ගොවීන් ද මිල ගැටලු‍ව හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටියා.

ඔවුන් අවස්ථා රැසකදීම ඉල්ලා සිටියේ අල සහ ලූනු ආනයනය සීමා කර, දේශීය ගොවියා රැක ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසමින් රට පුරා වර්ජනයක් දියත් කිරීමට තම සංවිධානය තීරණය කර ඇති බවයි දේශීය ගොවි හඬ සංවිධාන කොළඹ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.

About The Author