හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් ද අධිකරණයේ පෙනී සිටියේය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ලේඛන සියල්ල විත්තියට භාරදී තිබෙන බැවින් නඩුව විභාගය සඳහා දින නියම කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට