නඩු දෙකකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (29) වරෙන්තු නිකුත් කළා.
ඒ 2008 වර්ෂයට අදාළව සැකකාර ජගත් මනුවර්ණ යන අයට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට අදාළවයි.
මෙම නඩුව අද (29) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ නෑ. ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඉඩම් බෙදා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට වරෙන්තු නිකුත් කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට