ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නළුවකු වන සතීෂ් ෂා අවුරුදු 74 ක් ආයු ලබා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු නිවසේ සිටියදී සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීම නිසා වහාම රෝහල් ගත කළ නමුත්, අවාසනාවකට ඔහුට දිවි ගලවා ගැනීමට නොහැකි වී තිබෙනවා.
සතීෂ් ෂා යනු චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්වල, විශේෂයෙන්ම හාස්‍යජනක චරිත සඳහා ප්‍රකට වූ ඉන්දීය නළුවෙක්.
ඔහු 1951 ජූනි 25 වන දින බොම්බේ නගරයේ උපත ලැබූ අතර, කුච්චි ගුජරාටි පසුබිමකින් පැමිණි අයෙක්.
ඔහුගේ සිනමා දිවිය 1978 දී Arvind Desai Ki Ajeeb Dastaan චිත්‍රපටය සමඟින් ආරම්භ වුණා.
1983 දී තිරගත වූ උපහාසාත්මක චිත්‍රපටයක් වන Jaane Bhi Do Yaaro හි නාගරික කොමසාරිස් ඩී’ මෙලෝ ලෙස ඔහු රඟපෑ චරිතය තුළින් ඔහු පුළුල් අවධානයක් දිනා ගත්තා.
සතීෂ් ෂා සිය චිත්‍රපට ජීවිතය තුළ චිත්‍රපට 250 කට වැඩි ගණනක පෙනී සිට තිබෙනවා.
ඒ අතරට Hum Saath Saath Hain (1999), Kal Ho Naa Ho (2003), Mujhse Shaadi Karogi (2004), සහ Om Shanti Om (2007) වැනි චිත්‍රපට ද ඇතුළත්.
රූපවාහිනියේදී, ඔහු 1984 වසරේ විකාශය වූ Yeh Jo Hai Zindagi නම් සයිට්කොම් (sitcom) වැඩසටහන හරහා පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. මෙම කතා මාලාවේ කථාංග 55 න් එක් එක් කථාංගයක ඔහු විවිධ චරිත නිරූපණය කළා.
පසුව ඔහු Filmy Chakkar (1995) සහ Sarabhai vs Sarabhai (2004) වැනි ජනප්‍රිය කතා මාලා ගණනාවක පෙනී සිටියා. Sarabhai vs Sarabhai හි ඉන්ද්රවර්ධන් සාරාභායි (Indravadhan Sarabhai) ලෙස ඔහු නිරූපණය කළ චරිතය විශාල ඇගයීමකට ලක් වුණා. Sarabhai vs Sarabhai සහ Filmy Chakkar යන කතා මාලාවල රත්නා පාතක් ෂා (Ratna Pathak Shah) සමඟ ඔහුගේ රංගනය ද හොඳ ප්‍රතිචාර ලැබූ නිර්මාණයක්
ඊට අමතරව, ඔහු Comedy Circus හි විනිශ්චයකරුවෙකු ලෙස සේවය කිරීම ඇතුළුව, හාස්‍යය පදනම් කරගත් රියැලිටි වැඩසටහන් සමඟ ද සම්බන්ධ වී තිබෙනවා.


අත නොහැර කියවන තැන
හම්මෝ මට සීතල ඉවසන්න බැහැ අප්පා… – එමා වොට්සන්
පුංචි තිරයේ හැඩ මවන ගම්පහ පුංචි මන්ත්‍රී නෝනා (PHOTO)
මම කවුද?