Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර

ජාතික නිදහස් පිටමුණේ නායක විමල් වීරවංශ මහතාට ආණ්ඩුවට සම්බන්ධ ආයතනයකින් සිදුවී ඇතැයි කියන බරපතල අසාධාරණයක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා.

විමල් වීරවංශ මහතා විසින් රචිත ” සඳේ ගින්දර ” නම් නවකතාව එළිදැක්වීමේ උත්සවය වෙනුවෙන් එළඹෙන 07 වෙනිදා ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කිරීමට අදාළ සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

වාර්තාවන අන්දමට ඒ සඳහා අත්තිකාරම් මුදලක්ද ඔවුන් විසින් ගෙවා ඇති අතර උත්සවයට අදාළ ආරාධනා පත්‍ර ද මුද්‍රණය කර බෙදා හැර තිබෙනවා.

කෙසේ වෙතත් අද (04) පෙරවරුවේ ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරයේ නිලධාරීන් විසින් දන්වා තිබෙන්නේ මෙම උත්සවය පැවැත්වීමට අවසර ලබා දිය නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් උත්සව සංවිධායකයින් සහ අදාළ නිලධාරින් අතර උණුසුම් සංවාදයක් ද නිර්මාණය වී ඇති අතර උත්සවය පැවැත්වීම සඳහා අත්තිකාර මුදලක් ලබා ගෙන අවසන් මොහොතේ නිශ්චිත හේතුවක් නොදක්වා එය පැවැත්වීමට අවසර ලබාදිය නොහැකි බවට පැවසීම විමතියට කරුණක් බවයි උත්සව සංවිධායකයින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සංවිධායක කමිටුව අදාළ උත්සවය සඳහා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරය වෙන් කරවාගෙන තිබෙනවා.

මතු වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳව දැනුවත් කරමින් නව ආරාධනා පත්‍රයක්ද නැවත බෙදා හැරීමටයි ඔවුන් පියවර ගෙන තිබෙන්නේ.

එමෙන්ම අත්තිකාරම් මුදලක් ලබා ගනිමින් අදාළ වෙන් කිරීම සිදුකොට අවසන් මොහොතේ උත්සවය පැවැත්වීමට ඉඩ ලබා විය නොහැකි බව පැවසූ නිලධාරින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බවද වාර්තාවනවා.

මුල් ආරාධනා පත්‍රය සහ සිදුවීමෙන් පසුව නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රය මෙතැනින්..

About The Author