ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිතිපතිවරයා විසින් පසුගිය මස 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති ලිපියේ නම් සදහන් සැකකරුවන්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ එම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැති බවයි.
අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 92/2009 නඩුකරයට අදාළට නීතිපතිතුමා විසින් 2025.01.27 දිනැතිව අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතා යොමු කොට ඇති ලිපියේ නම් සඳහන් සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවන් නොවේ.
එම මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැත.
ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ලබා දී ඇති ප්‍රකාශවල පවතින අන්තර්ගතය. නීතිපතිවරයා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කොට ඇති විමර්ශන උද්ධෘත හා නොසැසඳේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදු වී වසර 06 කුත් ඉක්මවීමෙන් අනතුරුව එනම් 2015 වර්ෂයේ එම මහතා ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු නොවන ඔහුගේ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත ප්‍රකාශයක් ලබාදෙන අතරවාරයේ දී යම් පිරිසක් විසින් 2009 වර්ෂය අග භාගයේ දී තමා පැහැරගත් බවට දැනුම් දී ඇත.
එම දැනුම දීම මත විමර්ශනයක් ආරම්භ කරමින් ඒ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ නඩු අංක බී 92/2009 යටතේම කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත.
එකී විමර්ශනයේ දී සැකකරුවකු ලෙස නම් කරන ලද ප්‍රේම ආනන්ද උදලාගම යන අය, ඉදිරිපත් වූ කරුණු අනුව සහ එම හඳුනා ගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ නෛතික ද්රර්වලතා හේතු කොට ගෙන අපරාධ චෝදනා ගොනු කිරීමට තරම ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත නිදහස් කිරීමට තීරණය කරන ලදී.
තවද, ලසන්ත වික්‍රමතුංග මහතා ධාවනය කරන ලද වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයේ දී අත් අඩංගුවට ගත් පහත නම් සඳහන් සැකකරුවන්;
1. හෙට්ටිආරච්චිගේ දොත් තිස්ස සිරි සුගතපාල
2. විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර,
අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට ද තීරණය කරන ලදී.
මෙම නිදහස් කිරීම නව සාක්ෂි හෙළිදරව වීම මත අපරාධ චෝදනා ගොනු කිරීම සලකා බැලීමට බාධාවක් නොවන බව මෙයින් දන්වා සිටිමි.
ඇන්ජලෝ වැන්නොෆ්.
රජයේ අධි නීතිඥ (පරිපාලන)
නීතිපති වෙනුවට


අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි