Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප්ගේ හදිස්සිය

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස සේවය කළ ලිබරල් පාක්ෂිකාවක වූ “රූත් බේඩර් ගින්ස්බර්ග්”ගේ අභාවයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා විනිසුරුවරයෙකු ප්‍රමාදයකින් තොර ව පත් කර ගැනීමට තමාට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 87 හැවිරිදි ගින්ස්බර්ග් ජනාධිපතිවරණයට සති හයකට පෙර සිකුරාදා මිය ගියාය. එහෙත් ට්‍රම්ප්ගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන ජෝ බයිඩෙන් අවධාරණය කරන්නේ ඇය වෙනුවට වෙනත් අයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ජනාධිපතිවරණයෙන් පසු සිදු කළ යුත්තක් බව යි. ඔවුන් දෙදෙනා කෙසේ කීවත් මෙම පත් කිරීම තීරණය කරනුයේ විනිසුරුවරුන් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසිනි. 

2016 වසරේ දී මෙලෙස ම නව විනිසුරුවරයෙකු තෝරා ගැනීමට උත්සාහ කිරීමේ දී හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ නම ද ඊට යෝජනා විය. එහෙත් විනිසුරු මඬුල්ලේ සිටි රිපබ්ලිකන් පාක්ෂිකයින් එම තීරණයට විරුද්ධ වූ බව පෙනේ. එවකට සෙනෙට් සභාවේ බහුතර නායක මිච් මැකොනෙල්, අදාළ වර්ෂය මැතිවරණ වර්ෂයක් යැයි පවසමින් එම විරෝධතාව සාධාරණීකරණය කළේය. එනමුදු 2020 ද මැතිවරණ වර්ෂයක් වුවත් මැකොනෙල් මහතා සිය ස්ථාවරය වෙනස් කොට ඇති බව පෙනේ. ඔහු පවසන්නේ දැනට ජනාධිපතිවරයා වන ට්‍රම්ප් ඉදිරිපත් කරන ඕනෑම නාම යෝජනාවක් තමන් භාර ගන්නා බවත්, ඒ පිළිබඳ හැකි ඉක්මනින් ම කටයුතු කරන බවත් ය. 

රූත් ගිනස්බර්ග් මිය ගියේ අග්න්‍යාශයික පිළිකාවකිනි. ඇය එරට විනිසුරු මඬුල්ලට ඇතුළත් වූ දෙවන කාන්තාව යි. ඇයට උපහාර දැක්වීම පිණිස බොහෝ පිරිසක් පසුගිය සිකුරාදා රාත්‍රියේ උසාවියෙන් පිටත රැස් ව සිටියහ. 

එක්සත් ජනපදයේ විනිසුරුවන් පත් කිරීම දේශපාලන ප්‍රශ්නයක් වන අතර එයින් අදහස් කරන්නේ ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න ජනාධිපතිවරයා විසින් තීරණය කළ යුතු බවයි. තේරීම තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් සෙනෙට් සභාව ඡන්දය ලබා දෙයි. වසර 27ක් තිස්සේ සේවය කළ ගින්ස්බර්ග් යනු විනිසුරුවරුන් නව දෙනා අතර සිටි ලිබරල්වාදීන් සිව් දෙනාගෙන් එක් අයෙකි.  ඇගේ මරණයෙන් අදහස් වන්නේ, රිපබ්ලිකානුවන්ට ඡන්දය ලබා ගත නොහැකි වූයේ නම්, ජනාධිපතිවරණ බල තුලනය තීරණාත්මක ලෙස ඩිමොක්‍රටික් පක්ෂය වෙත මාරු වනු ඇති බවයි. 

සිය ජනාධිපති ධුර කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු තෝරා ගැනීමට ට්‍රම්ප්හට අවස්ථාව ලැබී තිබිණි. මෙම අවස්ථාවේ දී ද ඔහුගෙන් නාමයෝජනා ලබා ගැනීම යනු ඉදිරි දශක ගණනාව තුළ ප්‍රධාන තීරණ සම්බන්ධයෙන් රිපබ්ලිකානුවන් හට පාලනය ලබා දීමක් වන බව සියල්ලෝ හොඳින් දනිති. මන්දයත් එසේ පත් කෙරෙන විනිසුරුවන් හට තමා විසින් ම විශ්‍රාම යාමට තීරණය කළහොත් හැර ජීවිත කාලය පුරාම සේවය කළ හැකි වීම නිසා ය.

“අප ආඩම්බරයෙන් තෝරා පත් කර ගත් ජනතාව වෙනුවෙන් තීරණ ගැනීම සඳහා මෙම බලවත් සහ වැදගත් තනතුරට මා පත් කරන ලද අතර, එම තනතුරෙහි වඩාත් ම වැදගත් සේවය වන්නේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තෝරා ගැනීම යැයි දිගු කලක් තිස්සේ පිළිගැනෙයි. එහෙයින් ප්‍රමාදයකින් තොරව පුරප්පාඩුව පිරවීම මාගේ වගකීමකි”. යනුවෙන් ට්‍රම්ප් සිය ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ ලියා තිබේ. එනමුත් බයිඩන් පවසන්නේ අදාළ විනිසුරු මඬුල්ල පිළිබඳ තීරණ ගැනීම සඳහා තම පන්ෂයට ද අවස්ථාවක් තිබිය යුතු බව යි. පුරප්පාඩුව පිරවීම මැතිවරණය අවසන් වන තෙක් කල් දැමිය යුතු වන්නේ එහෙයිනි.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author