ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාර කරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වා දීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති බවට තොරතුරක් වාර්තා වී තිබෙනවා.
එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයාට අදාළ වර්ණයෙන් යුත් ඇඳුමින් සැරසී ඔවුන්ගේ ප්‍රචාරණයට අදාළ කොඩි ආදියද රැඟෙන පැය තුනක කාලයක් සඳහා අදාළ රැළියට සහභාගී කරවන පුද්ගලයින් 3000ක් වෙනුවෙන් මෙම පැකේජය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පැකේජයට කොළඹ දිස්ත්‍රික්කය සඳහා වන ප්‍රවාහන වියදමද ඇතුලත්.
මෙහිදී දළ වශයෙන් එක පුද්ගලයෙකු සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් 1500/= ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන්නේ නම් සමස්ත පැකේජය සඳහා අමතර ප්‍රවාහන දීමනාවක් ගෙවීමට ද සේවා ලාභීන්ට සිදුවන බවද සඳහන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට