රනිල් වික්‍රමසිංහ යනු අරගලයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු බවත් ඔහු කෑම බීම සපයමින් නඩත්තු කළ අරගල කරුවන් නිවෙස් වලට යවා බලහත්කාරයෙන් රැඳී සිටි පිරිසට හමුදාව සහ මැරයන් ලවා පහර දී අරගලය මර්දනය කිරීම මහ ලොකු දෙයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ පවසනවා.
Mee Massoo TV යූ ටියුබ් නාලිකාව සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු වැඩිදුරත් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් ආර්ථික කොරෝනා වසංගතය සමඟ ඇතිවූ ආර්ථික අර්බුධය විසඳීම සඳහා අවශ්‍ය මුදල් රටට ගෙනවිත් තිබු බවයි.
රනිල් වික්‍රමසිංහ සිදුකළේ බලයට පැමිණ එම මුදල් වියදම් කිරීම පමණක් බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
පන්තියේ නරකම ළමයාට පන්ති නායක කම ලබාදුන්නා සේ සිතා රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය ලබා දීමට එදා රාජපක්ෂ කඳවුර ක්‍රියා කළ බවද සඳහන් කර ඇති මිලින්ද රාජපක්ෂ මහතා ඉදිරි නාමල් රාජපක්ෂ පමණක් නොව තමන් ඇතුළු සියලුම දෙනා රනිල් වික්‍රමසිංහට අකමැති බවද සඳහන් කර තිබෙනවා.
එමෙන්ම රනිල්ගේ එකම දේශපාලන ප්‍රතිපත්තිය “රනිල්” බවත් එළඹෙන ජනාධිපතිවරණයෙන් ඔහු නාමල් රාජපක්ෂ ඉදිරියේ පරාජයට පත්ව සිව්වන ස්ථානයට පත්වන බවත් සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි