Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මනුෂ වෙනුවට බන්දුල ලාල් – හරීන් වෙනුවට නම් දෙකක් කචල් ගොඩක්

අධිකරණ නියෝගයක් අනුව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන ලද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා වෙනුවට මනාප ලැයිස්තුවේ මීළඟට සිටින බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කිරීමට පන් නියමිතව තිබෙනවා.

2020 මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් සමගි ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ධුර දෙකක් හිමිවූ අතර මනාප 50097 ලබාගත් ගයන්ත කරුණාතිලක මහතා එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයටත් මානප 47399 ලබාගත් මනුෂ්‍ය නානායක්කාර මහතා දෙවන ස්ථානයට පත් වුණා.

තුන්වන ස්ථානයට පත් බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා හිමි කරගත් මනාප ඡන්ද සංඛ්‍යාව 34897 ක්.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා මේ වන විට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහ සුජීව සේනසිංහ මහතාගේ නම් යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ මන්ත්‍රී ධුරයට පත් නොකරන්නයි ඉල්ලමින් සමගි ජන බලවේගය පක්ෂයට සහය දක්වන පුද්ගලික නාලිකාවක හිමිකරුවකු විසින් බලපෑම් සිදු කරමින් සිටින බවට මාධ්‍ය කිහිපයක් ඔස්සේ තොරතුරු වාර්තා වනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ මන්ත්‍රී ධූරය සඳහා පත්කරන්නේ නම් එම නාලිකාව විසින් සමගි ජන බලවේගයට මේ වන විට ලබාදෙන සහයෝගය සම්පූර්ණයෙන්ම නතර කර දමන බවට යම් අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බවටයි මාධ්‍ය වාර්තා ඔස්සේ දැනගන්නට ලැබෙන්නේ.

එමෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මහාධිකරණයෙන් සිර දඬුවම් නියම වී ඇප මත නිදහස් වී සිටින නිසා ජාතික ලැයිස්තුව හරහා පත් කිරීමේ අවාසිදායක වනු ඇති බවට මතයක් ගොඩනගමින් ඇති බවද ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

About The Author