Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනාධිපතිවරණය මුවවිට මන්ත්‍රීවරුන්ට ගිනි අවි බෙදයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා එක් අයකුට රිපීටර් වර්ගයේ බෝර් 12 ගිනි අවි දෙක බැගින් බෙදා දීමට හදිසියේ කටයුතු සූදානම් කෙරෙමින් පවතින් බව Lanka Truth වෙබ් අඩවිය සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීරගේ අත්සනින් යුතුව ලිඛිතව දැනුම් දී ඇති බවයි එහි දැක්වෙන්නේ.

ගිනි අවි ඉල්ලුම් කරන මන්ත්‍රීවරුන්ට රුපියල් දෙලක්ෂ පනස් අටදහස් දෙසිය දහඅටයි ශත තිස් හයක් (රු.258,218.36), රුපියල් තුන්ලක්ෂ හැට තුන් දහස් එක සිය දාහතයි ශත අසූ නවයක් (363117.89) සහ රුපියල් තුන්ලක්ෂ අසූ හත්දහස් තුන්සිය අසූ හයයි ශත අසූ හතරක් (රු.387,386.84) ආදී වශයෙන් මිල ගණන් තුනක් යටතේ ගිනි අවි තෝරාගැනීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.

ඊට අමතරව වාර්ෂික ගිනි අවි බලපත්‍රය ගාස්තුව රුපියල් 200ක් සහ පතරොම් බලපත්‍ර ගාස්තුව සඳහා රුපියල් 500ක් අය කරන බව එම ලිපියෙන් දැනුම්දී ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

ජනාධිපතිවරණය ආසන්නයේදී ලබා දීමට සූදානම් වන මෙම ගිනි අවි ආපසු ලබා නොගන්නා බව දැනුම් දී ඇති බවද වැඩිදුරටත් එම පුවත මගින් හෙළිකර තිබෙනවා.

©Lanka Truth

About The Author