ඉදිරියේදී පාතාලයට සම්බන්ධ නඩු අවසන් කිරීමට හෝ ජයගැනීමට පොලිසියට නොහැකි වනු ඇති බව කොළඹ අපරාධ කොට්ටාශයේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසනවා.ඒ සඳහා බලපාන හේතු සාධක කිහිපයක්ද ඔහු විසින් මෙම සාකච්ඡාවේදී මතුකර තිබීම විශේෂත්වයක්.
ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ Mee Massoo TV සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
කන්ජිපානි ඉම්රාන් සමඟ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියෙන් පසු මේ වන විට ප්‍රංශයේ සිටින කොළඹ අපරාධ කොට්ටාශයේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු සාදයක් දැමු බවට චෝදනා එල්ල වූ අතර එම සිදුවීම සම්බන්ධයෙන්ද දුමින්ද ජයතිලක මහතා අදහස් පළකර තිබෙනවා.
මෙම සිදුවීමට තමන් සම්බන්ධ කිරීමට පිරිසක් උත්සහ දරමින් සිටින බවත්, මේ පිටුපසද පැහැදිළි කුමන්ත්‍රණයක් ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
පොලිසියේ පත්වීම් දේශපාලන ඇඟිලි ගැසීම් මත තවමත් සිදුවන බවත් මේ හේතුවෙන් දක්ෂ නිලධාරීන් දැඩි කලකිරීමකින් පසුවන බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.
අත නොහැර කියවන තැන
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී
තලතා කට අරී – වෙච්චි සන්තෑසිය හෙළිකරයි.. සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක..
සජිත් ජනපති රනිල් අගමැති – රනිල්ට සහ සජිත්ට එක්වන්නැයි දැනුම් දේ – ජනාධිපතිවරණය පිටුපස රාජතාන්ත්‍රික කුමන්ත්‍රණයක් – අනුර පිටුපස බටහිර බලවතෙක්