බදු බර සහ බඩු මිල දරාගත නොහැකි ලෙස වැඩි වී, ජීවත්වීමට නොහැකි වීමෙන් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ සිත් තුළ විශ්වාසභංගයක් හටගෙන ඇතැයි සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව කෙරෙහි හටගත් විශ්වාසභංගයට සමාන විශ්වාසභංගයක් වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව කෙරෙහි ජනතාවට ඇති වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව ජනතාවට දිනෙන් දින එල්ල කරන පීඩනය මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය.
මෙවර අය-වැය තුළින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ දමන බවට පැවැසුවත් ආණ්ඩුව දිනෙන් දින බඩු මිල සහ බදු බර වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි