Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිදන් ගන්න ගිය නාවික – යුද සාමාජිකයෝ මාට්ටු

කුරුණෑගල රිදීගම රත්හැටිකන්ද ප්‍රදේශයේ ස්ථානයක නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටියේ යැයි කියන නාවික හමුදා ලුතිනන්වරයකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි.

නාවික හමුදා ලුතිනන්වරයාට අමතරව යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් සහ තවත් සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

අඩංගුවට ගත් පස් දෙනා අතර කට්ටඩියකු යැයි කියන පුද්ගලයෙක් සිටින බව ද පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රිදීගම සහ ගොකරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

About The Author