රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වේ.
රුපියල් 20,000 වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම යනාදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අද දහවල් 12ට කෑම පැය කාලය තුළ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති අතර එහි ප්‍රධාන විරෝධතාව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සංවිධානය කර ඇති බව සඳහන්ය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට