Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අරගල නම් දැන් මිනිස්සුන්ට තිත්තයි – මහින්දානන්ද

මිනිස්සුන්ට අරගල තිත්ත වී ඇතැයි පොදුජන පෙරමුණේ පා. මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ රටේ මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදාගන්න හුස්ම ගන්න කැමති බවද මන්ත්‍රීවරයා කීය.

ජනතා විමුක්ති පෙරමුණට උද්ඝෝෂණය කිරීමේ අයිතිය දිය යුතු බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුව වැරදි කරනවා නම් ඒකට විරුද්ධ විය යුතු අතර නමුත් හමුදාවේ චිත්ත ධෛර්යය වැට්ටීම සඳහා කටයුතු කරන්නට එපා යැයි ඉල්ලා සිටින බවද පැවසීය.

පොලිසිය පිළිබඳ ගමේ විශ්වාසය ටිකෙන් ටික ඈත් වෙමින් යන අතර පොලිසියට තිබූ ගෞරවාන්විත නාමය, විශ්වාසය ජනතාවට ලබා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සඳහා අමාත්‍යාංශය මැදිහත් විය යුතු බව කීය.

About The Author