ණය දෙන ආයතන වල විශ්වාසය දිනාගෙන රට ගොඩනගන්න හදන අවස්ථාවේ කවුරුන් හෝ විසින් නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළොත් ආයෙත් සියලු දෙනාම මහ පාරට වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
ජාතිය මහ පාරට ඇද දාන්න එපා යැයි ඉල්ලා සිටින බව කී අබේවර්ධන මහතා මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 කගේ වැටුප් වැඩි කරන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි පැවසීය.
වැටුප් වැඩි කළාට රට දුවන්න බැරි බව කී අබේවර්ධන මහතා පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන්න තිබෙන බවද වැටුප් වැඩි කරන්න වෙන්නේ මහජනතාවගේ බදු මුදල් අරගෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව පැවසීය.


අත නොහැර කියවන තැන
ත්‍රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්