Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඊශ්‍රායලයෙන් තවත් බය හිතෙන අනතුරු ඇඟවීමක්

ගොඩබිම් ප්‍රහාරවලට සමගාමීව උතුරු ගාසාහි සිටින ජනතාවට ඉවත්ව යන්නැයි ඊශ්‍රායලය යළිත් අවධාරණය කළේ ඊයේ දිනයේදීය.

ඒ අනුව උතුරු ගාසාහි අල් කුඩ්සු රෝහල හිස් කරන ලෙස දැනුම් දී තිබුණේ එසේ නොකළහොත් ඊට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමිනි.

කෙසේ නමුත් රෝගීන් රැසක් ප්‍රතිකාර ලබන දැඩි සත්කාර ඒකකය සහ ළඳරු ඒකකය ඉවත්කිරීම අතිශය අසීරු කාර්යක් වනු ඇති බව පලස්තීන රතු අඬසඳ ව්‍යාපාරය පෙන්වා දෙයි. එමෙන්ම එම භූමියේ රැකවරණය ලබන සිවිල් වැසියන් ගණන 14,000කි.

මෙවන් පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් ඊශ්‍රායලයට ආයාචනා කර සිටින්නේ සටන් විරාමයක් සඳහා යොමුවන ලෙසය.

මේ අතර ගාසා හි ආධාර ගබඩාවකට කඩා වැදී එහි තිබූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කොල්ලකෑමට ගාසා වැසියන් ඊයේ කටයුතු කළේය.

ආධාර රැගත් තවත් රථ 33ක් රෆා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණේ එවන් පසුබිමකය.

මේ අතර ටෙල් අවීව් කරා පියාසර කිරීමට නියමිතව පැවති ගුවන්යානයකට ඇතුළු වී එහි සිටි යුදෙව්වන්ට පහරදීමට උත්සහ කිරීමේ සිද්ධියක් රුසියාවේ මකචකාලා ගුවන්තොටුපොළෙන් වාර්තා වේ.

පලස්තීන ධජ රැගෙන පැමිණි පිරිසක් අදාළ යානය වටකර ඊට ඇතුළුවීමට උත්සහ කර තිබුණි.

කෙසේ නමුත් රුසියානු ආරක්ෂක අංශ මැදිහත්ව සිදුවීම පාලනය කර ඇති අතර එහි ගුවන් ගමන් කටයුතු ලබන නොවැම්බර් 6වැනිදා දක්වා අත්හිටුවා තිබේ.

About The Author