කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.
සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කඳාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්ය.
ඒ අනුව නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් නිවස තුළ සිට පොලීසියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ.
එහිදි පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් සැකකරු මියගොස් ඇති බව කඳාන පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට