අද (12) අලුයම මීටියාගොඩ, මහවත්ත පාර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයෙක් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 42ක් පමණ වූ වාද්දූව ප්‍රදේශයේ පුද්ලයෙක් එලෙස මියගොස් ඇති බවය.
පසුගිය ඔක්තෝබර් 9 වනදා රත්ගම ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නිවසක රැඳී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව එම ප්‍රදේශයේ පිහිටි සැකකටයුතු ස්ථානය පරීක්ෂා කිරීමේ දී එහි රැඳී සිටි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ද පෙරළා වෙඩිතැබීම හේතුවෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී සැකකරු ජීවිතක්ෂයට පත්වු බව පොලීසිය පවසයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි