දෙවුන්දර ගැඹුරු මුහුදේ අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී පුද්ගලයින් 6දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත සිදුකළ සොදිසි කිරීමකදී ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටි මෙම පිරිස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.
සැකකරුවන් 6 දෙනා ඊයේ (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම පිරිස ලබන 14 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දී තිබේ.
ධීවරයින් භාවිතා කරන සැටලයිට් යන්ත්‍රයට වඩා අධිතාක්ෂණයෙන් යුත් සැටලයිට් යන්ත්‍රයක් ඔවුන් සන්තකයේ තිබී සිය භාරයට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.
සැකකරුවන් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියේද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත් පොලීසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ දන්වා තිබේ.
ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් සිම් කාඩ් තුනක් ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා දැනුවත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒවා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන බව ද සඳහන් කර ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට