ගංගා 4ක් ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව ගිං ගඟ, කුඩා ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය, අත්තනගලු ඔය සහ නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් බලපැවැත්වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවට කල්පනාකාරීව ගමන් කරන ලෙසත් විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට