නියමිත කලට වේලාවට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
එම මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණත් නැතත් ඉදිරියේදී දී මුදල් සම්මත කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාට එම මැතිවරණ පැවැත්විය හැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව කී අබේවර්ධන මහතා සෙසු මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නොවන අතර වෙනත් අණපනත් යටතේ තිබෙන රෙගුලාසි බව සඳහන් කළේය.
ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.
මේ අය වැයේදී ජනතාවට කුමන සහනයක් ලැබෙනවා දැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අබේවර්ධන මහතා පැවසූයේ අයවැය සුරංගනා කතා පොත් එකට බැඳ පැත්තකින් තබා සුරංගනා කතාවක් නොවන අයවැය පොතක් රචනා කරන්න තිබෙන බවයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්