තේරීම් කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය විකෘති කොට සමාජ මාධ්‍යවල පළ කිරීම නිසා මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන් හට යම් අපහාසයක් සිදු වූයේ නම් ඒ පිළිබඳ තමා කණගාටුවන බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එසේම කිසිදු කාරණයක දී තමා විසින් කිසිදු මුදල් අමාත්‍යංශ නිළධාරියෙකුගේ නමක් හෝ සඳහන් කර නොමැති අතර, එම කාරණයේදී දේශපාලඥයන් හෝ රාජ්‍ය නිළධාරීන් අතින් සිදු වූ වැරදි නිවැරදි කර ගැනීම පිළිබඳව අවධානය යොමුකළා මිස වෙනත් වෛරය හෝ ක්‍රෝධය පැතිරී යන කිසිදු ප්‍රකාශයක් නොකර බවද අබේවර්ධන මහතා පැවසීය.
අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ අද (20) දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එමෙන්ම රටක් බංකොලොත් වූ පසු එම රට ගොඩගැනීම සඳහා සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුව ඇති බවත් ඒ වෙනුවට වෛරය, ක්‍රෝධය මුසු කිරීම බලවත් කණගාටුවට කරුණක් බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි