අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව,
*විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්
*ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම
*රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබේ.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා