Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොල් තෙල් වල ප්‍රමිති පරික්ෂාවේ ගැට‍ළුවක්

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල්වල ප්‍රමිතිය කිසිම අවස්ථාවක පරික්ෂාවට ලක්නොවන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිළධාරීන් හා පොල් සංවර්ධන අධිකාරියේ නිළධාරීන් විෂයභාර අමාත්‍යවරයා වෙත දන්වා ඇති බව වාර්තා වෙනවා

එසේ වාර්තා කර ඇත්තේ දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් පරීක්ෂාවට ලක්නොවන බවට පසුගිය කාලය පුරා රටතුළ දැඩි කතාබහක් ඇති වූ වටපිටාවකදීයි.

පොල්තෙල් නිෂ්පාදනය කිරීමේදී ඇප්ලටොක්සින් නැමැති විෂකාරකය පොල්තෙල් හා මිශ්‍ර වීමට ඇති හැකියාව පිළිබදව මහාචාර්ය උපාලි සමරජීව මහතා විසින් සිදුකරන ලද පර්යේෂණයක දී ද මීටපෙර සොයාගෙන තිබුණා.

කෙසේ වෙතත් පාරිභෝගිකයාගේ අවසන් පරිභෝජනය සදහා පොල්තෙල් අලෙවි කිරීමේදී එහි නිෂ්පාදිත දිනය, කාණ්ඩ අංකය, කල්ඉකුත්වන දිනය, පොල්තෙල් නිෂ්පාදනයේදී අනුගමනය කරන ලද පිලිවිතර හා නිෂ්පාදකයා පිළිබද විස්තර ආදිය කඩහිමියන් විසින් තබා ගත යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කඩහිමියන්ට උපදෙස් ලබා දීම ආරම්භ කර තිබෙනවා.

About The Author