Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති රනිල් සහ පොහොට්ටුවේ බැසිල් වාදීන් මත ගැටුමක

රනිල් කැඳවූ හමුව ප්‍රතික්ෂේප කරයි

කැබිනට් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් පසුගියදා (12) ජනාධිපති ලේකම් කාර්‍යාලයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කැදවා තිබුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් රැසක් එම සාකච්ඡාවට සහභාගී වී නොමැති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපතිවරයා කැඳවා තිබු හමුවට පෙර දහවල් මුණ ගැසී ඈති අතර අතර ජනාධිපතිවරයා කැඳවා තිබු රැස්වීම සදහා සහභාගී නොවීම ට එහි දී තීරණය කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට ද දිස්ත්‍රික් නායකයින් පවසා ඇත්තේ පක්ෂය වෙනුවෙන් සාකච්ඡා හා රැස්වීම් වලට සහභාගීවීමට හැකි බවත් ජනාධිපතිවරයා, නිලධාරීන් හෝ අමාත්‍යවරුන් කැදවන සාකච්ඡා සදහා සහභාගී නොවන බවයි.

ජනාධිපතිවරයා නොව කවුරු කැදවීමක් කලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැනුවත් කර කලයුතු බව මෙහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කලේ තම පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජේශ්ඨයින් ගෙන්වා ගැනීමට අවශ්‍යනම් පක්ෂය දැනුවත් කරන ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එක්ව රජයට සහ පල කරමින් අමාත්‍ය ධුර ද ලබා ගෙන කටයුතු කරනවා.

නමුත් මේ දක්වා පක්ෂය වෙනුවෙන් විශාල කැප කිරීමක් සිදුකළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන , මහින්දානන්ද අලුත්ගමගේ වැනි පිරිස් ද අමාත්‍ය ධුර ලබා දීම දිගින් දිගටම ප්‍රමාදවීම ද මෙම මත ගැටුමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

About The Author